Friday, December 30, 2011

"මම ලෝකයට අග්‍ර වෙමි" සිංහ නාදය

තෙරුවන් සරණයි..!

අප කලින් ලිපියෙහි මහාමායා දේවිය දු‍ටු ඒ අසිරිමත් සිහිනය ගැන දැනගත්තා. අද  උන්වහන්සේගේ අසිරිමත් සිංහ නාදයක් ගැන දැන ගනිමු.

ඉතින් මේ පින්වත් දරුවා මව් කුසට පැමිනීමෙන් පසු සතරවරම් දෙවිවරු විසින් ඒ මව ආරක්ෂාකරනවා.ඉතින් මේ අම්මාට සෘධියක් ලැබෙනවා.අම්මාට දරුවව පේනවා. අම්මා දරුවත් එක්ක කතා කරනවා.දරුවත් කතාකරනවා.

ඉතින් කාලය පැමිනීමත් සමගම බිසවුන් වන්සේ දරුවා ලැබීමට බිසවුන් වහන්සේගේ මවගේ ගෙදර වන දෙව්දහ නුවර යාමට පිටත් උනා. ඒ මාර්ගයේ ලුම්බිණි නැමති බිසවුන් වහන්සේ නමක් සිහිවීම සදහා ඉදිකරපු උයනක විවේක ගැනීමට නතර වුනා.

මේ උයනේ ලස්සනට සල් මල් පිපිලා. බිසවුන් වහසේ සල් ගසක් මුලට ගිහින් සල් අත්තක් අල්ලන්න අත එසවීමත් සමගම ඒ සල් අත්ත පාත් උනා.ඒ අත්ත අල්ලගෙන ඉද්දී අම්මට තේරුනා දරුවා උපදින්න යන බව.
ඒ උත්පත්තිය විශේෂයි.ඒක අත්භූත උත්පත්තියක්. අම්මා හිටගෙන ඉද්දිමයි දරුවා බිහිවුනේ.

මේ දරුවා ඉපදෙද්දීම හරීම පුදුම දෙයක් වුනා. දරුවා ඉපදෙද්දීම පොලොවෙන් දිය කදවල් දෙකක් මතු උනා. එකක් ලා රස්නෙයි, අනෙක ලා සීතලයි. ඒකෙන් අම්මවයි පුතයි දෙන්නම නෑවුනා.


මෙම උල්පත් දෙක තිබිලා තියෙනවා අවුරුදු 1000ක් විතර වන තුරු. චීන ජාතික හියුං සුවැං කියන භික්ෂුව චාරිකාවේ යද්දී මේක දැකලා ඒ පිලිබදව ලියලා තියෙනවා.

ඉතින් මේ බිමට වඩින දරු සිගිත්තා සහම්ප්‍රතී බ්‍රහ්මරාජයා රන් සලුවෙන අතට අරගෙන කීවා, " පින්වත් දෙවියන් වහන්ස සතු‍ටුවන සේක්වා. මහා පින් ඇති පුත් රුවනක් උපන්නා" කියලා.

ඊට පස්සේ සතර වරම් දෙවිවරු අතට ගත්තා, සක් දෙවිදු අතට ගත්තා. පසුව බිසවුන් වහන්සේගේ අතට ගැනීමට පෙර මේ පින්වත් දරුවා හිටගෙන වටපිට බලලා උතුරු දිශාවට පුංචි සිරිපතුල් ඔසවා පියවර තියන්න හදන කොටම නෙලුමක් පිපෙනවා. අයෙත් තියන්න හදනකොටම නෙලුමක් පිපෙනවා. මෙසේ පියවර හතක් ගියා.

ඉන් පසුව මේ දරු සිගිත්තා දකුනු අත ඔසවා දබරගිල්ල අහසට දිගු කර
"මම ලෝකයට අග්‍ර වෙමි
 මම ලොකයට ජේෂ්ඨ වෙමි
 මම ලොකයට ශේෂ්ඨ වෙමි
 මේ මාගේ අවසාන ඉපදීමයි, නැවත ඉපදීමක් නැත."  ලෙස සිංහ නාද කරන ලදි.

ඉතින් මේ සිගිති පුතා ඉපදෙන විට දෙව් ලොවේ විශාල සැනකෙලියක්. මේක දැන ගත්තේ මේ කාලයේ හිමාල වනයේ හිටියා අසිත කියලා තාපස තුමෙක්. එතුමා විවේකය ගත කිරීම සදහා දෙව්ලොව ගිහින් හිටියේ.එතුමා දෙවිවරුන්ගෙන මේ සතු‍ටු වන කාරනාව අසා සිටියා.ඒතකොට දෙවිවරු කියා සිටියා "ලොකේ සම්බුද්ධත්වයට පත්වන මහා පින්වත දරුවා අද උපන්නා" කියලා.

ඉතින් එදා සවස අසිත තාපස තුමා මනුලොවට ඇවිත් මාලිගාවට වැඩම කර මේ පින්වත් දරුවා බලන්න ඉල්ලුවා.ඒ කාලේ තිබ්බ සිරිතක් තමා දරුවා තාපස තුමන්ලාගේ පය පාමුල තියන එක. නමුත් මේ දරුවා පය පාමුල තියන්න හදන කොට පුතාගේ පය තාපස තුමාගේ ජටාවේ වැදුනා. තාපස තුමාට එක වැරම මෙය ලකුනු වෙලා එක වැරම නැගිටලා දරුවා දිහා බලලා වැන්දා. ඊට පස්සේ එතුමා හිනා උනා.පසුව ඇඩුවා.

මේකට රජතුමා බය වෙලා ඒ පිලිබදව විමසා සිටියා.

තාපස තුමා කීවා, " රජතුමනි මම හිනා උනේ මේ දරුවා ස්ථිරවම සම්බුද්ධත්වයට පත් වෙන නිසයි.ඇඩුවේ ඒ වෙනකොට මට වාසනාවක් නෑ අහන්න, දකින්න නිසයි."

එතුමා පසුව සෙත් පතලා නංගිගේ ගෙදර ගිහින් මේ සිද්ධිය කීවා.ඒ ගෙදර හිටිය නාලක කියන පුතාට කතා කරලා " පුතේ බුදුකෙනෙක් ලොව පහල වෙලා.අදම ගිහිගෙය අත හැරලා පැවදි වන්න.අනාගතේ දවසක ආරංවිවෙයි බුද්ධත්වය ලබලා දහම් දෙසන බව.එදාට ඇවිත් දහම් අහන්නැයි" කියලා කීවා.

ඉතින් සිතා බලන්න මෙ දෙවල් දැන ගත්තහම නේද හිතේ පැහැදීම ඇති වන්නේ.ඒවා විස්මිත, සුන්දර සිදුවීම්. අපත් මේ විස්මිත සිදුවීම් දැනගෙන හිතේ පැහැදීම වැඩිකර ගනිමු.

තෙරුවන් සරණයි..!

No comments:

Post a Comment